~~~~ටිරාන්ගේ ඉසව්ව.~~~~

Friday, July 20, 2012

ඇන්ඩ්‍රොයිඩ් පැටිකිරිය



කස්ටිය ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ඕඑස් ගැන දැන ගන්න කැමතිද?

අහ්හ්හ්හ් අද මම කස්ටියට කියලා දේන්න හදන්නේ කස්ටිය ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ඕඑස් පැටිකිරිය...

අද ලෝකයේ සීග්‍රයෙන් ජනප්‍රියවෙමින් පවතින මොබයිල් ඕඑස් ඒක ඇන්ඩ්‍රොයිඩ්තමා.. සැම තත්පරයක් පාසාම ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ඕඑස් සහිත ස්මාට් ෆොන් 13ක් විකිනියයි.(දල වශයේන්) ඒකියන්නේ දවසකට ලොකයට එකතුවන ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ඕඑස් සහිත ස්මාට් ෆොන් ගනන පන්ලක්ෂ පනස් දහසකට වැඩිය. දැනට ලොකය පුරා ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ඕඑස් සහිත උපාංග විසි කොටියකට වඩා විසිරි පවති...

ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් 1ක ස්මාට් ෆොන්, ටැබ්ලට් පරිගණක, ඉ-රිඩර්ස්, නොට්බුක්, රූපවාහිනි යන්ත්‍රවලදිද ක්‍රියත්මක කල හැක.

2001දී ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් නිර්මාණය කිරිම ඇරබිණ. ඇන්ඩි රූබින්, රිච් මයිනර්, ක්‍රිස් වයිට් සහා නික් සියර්ස් යන ඇමෙරිකානුවන් සියලු ඕනැඑපාකම් හොදින් සපුරන්නට පුලුවන් පරිගණ්ක වැඩසටහනක් නිර්මණය කරනු වස් මෙය අරම්බ කරන ලදි.. 2003දී ඇන්ඩ්‍රොයිඩ් ඉන්කොපරේෂන් සමාගම පිහිටුවිය.. එහෙත් මෙය සාර්ථක නොවිය.. ඇන්ඩ්‍රොයිඩ් සමාගම බංකොලොත් වෙන්නට යද්දී 2005 අගෝස්තුවෙදී ගුගල් සමාගම එහි සෙවකයන් සමග මිලට ගන්නා ලදී.

මෙම ගනුදෙනුවෙන් පසු ඇන්ඩි රූබින් මූලිකත්වයේන් ගුගල් සමාගමෙ සේවකයින්ද එක්ව ගුගල් ඇන්ඩ්‍රොයිඩ් යන නාමයේන් යුතුව මෙම නව මෙහෙයුම් පද්ධතිය 2007 දි සාදා නිම කරනලදි..

තවතිනවා පොඩ්ඩක් ඉන්ට

1 comment:

  1. හා හා නියමයි අයියා ගොඩේ ගොඩ

    ReplyDelete